මලයාසියාවේ මේ දිනවල ක්රියාත්මක වන පොදු රාජ්ය මණ්ඩලයීය ශූරතා බර එසවීමේ තරගාවලියේ යොවුන් අංශයේ වයස අවුරුදු 17න් පහළ තරග ඉසවුවකදී ශ්රී ලංකාව නියෝජනය කළ සෂික ඒකනායක, පොදු රාජ්ය මණ්ඩලයීය ශූරතා නව තරග වාර්තාවක්ද සමග රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබේ.
කිලෝ ග්රැම් 50බර පංතියේ තරග කළ කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ ශිෂ්යයකු වන සෂික ඒකනායක ස්නැච් ක්රමයට කිලෝ ග්රෑම් 83ක්ද ක්ලින් ඇන්ඩ් ජර්ක් ක්රමයට බර කිලෝ ග්රෑම් 114ක්ද වශයෙන් සම්පූර්ණ බර කිලෝ ග්රැම් 197ක් එසවීමට සමත්ව ඇත.
මේ අතර කිලෝ ග්රෑම් 48 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමටද ශ්රී ලංකාවේ යොවුන් බර ඉසිලීමේ ක්රීඩිකා පොළොන්නරුව රාජකීය මහා විද්යාලයයේ දිනූදා දිල්ෂාන් අබේසේකර සමත්වී තිබේ. පොදුරාජ්ය මණ්ඩලීය කාන්තා බර ඉසිලීමේ තරඟාවලියක දී කාන්තාවක විසින් රන් පදක්කමක් දිනා ගත් ප්රථම අවස්ථාවද මෙය වේ.
ඇය මෙම තරඟාවලියේ දී සිය තරඟ ඉසව්වෙන් කිලෝ ග්රෑම් 62ක් ස්නැක් ක්රමයටද කිලෝ ග්රෑම් 74ක් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්රමයටද වශයෙන් මුළු බර කිලෝ ග්රෑම් 136ක් ඔසවමින් නව ශ්රී ලංකා වාර්තාවද පිහිටුවා තිබේ.
කුරුණෑගල මලියදේව විදුහලේ තිලංග පලඟසිංහ කිලෝ ග්රෑම් 56 බර පන්තියෙන් රන් පදක්කමක්ද දිනා ගෙන තිබේ.
අදාළ තරගාවලිය නියෝජනය කිරීම සඳහා ක්රීඩක ක්රීඩිකාවන් 32 දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායමක් දැන් මලයාසියාවට ගොස් සිටිති.

ආශ්රිත පුවත්









