පූටින් – විකීලීක්ස් හා ඇමෙරිකානු ජනපති සටනේ සැලසුම්

රහසිගත ක්‍රියාමාර්ග හෙළිදරව් වීමත් සමග මෑත කාලයේ දැඩි කතාබහකට ලක්ව ඇති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරය මුහුණ දී ඇති අකරතැබ්යක් පිළිබඳව මේ වනවිට විදෙස් මාධ්‍යයන්ගේ වැඩි අවධානයක් යොමුව තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා බර්නි සැන්ඩර්ස් හා පැවැති සටනේදී එම පක්ෂයේ නායකයින් හිලරි ක්ලින්ටන් හට වඩාත් වාසිදායක ආකාරයෙන් කටයුතු කර ඇති බවට සුප්‍රසිද්ධ විකීලීක්ස් වෙබ් හෙළිදරව් කරනු ලැබීමත් සමග මෙම අසීරුතාවයට මුහුණ පා ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම එම පක්ෂයේ නායකයින් රහසිගතව ගනුදෙනු කළ ඊ-මේල්  පණිවිඩ අති විශාල ප්‍රමාණයක් විකීලීක්ස් වෙබ් අඩවිය හරහා මුදාහරිනු ලැබීය.

එම හෙළිදරව් කිරීමත් සමග ඩිමොක්‍රටික් පක්ෂයේ සභාපතිනය ඉල්ලා අස් වූ අතර හිලරි ක්ලින්ටන්ගේ පාර්ශවයේ චෝදනා කරන්නේ  රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය පළකරන රුසියානු හැකරුන් කණ්ඩායමක් විසින් මෙම තොරතුරු හෙළිදරව් කරනු ලැබු බවය. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයත් සමග ඇමෙරිකානු ජනාධිපතිවරණයේ තිරය පිටුපස සිදුවන රහසිගත මෙහෙයුම් හා එකඟතාවයන් පිළිබඳ වූ තොරතුරු එකිනෙක නිරාවරණය වීමට පටන් ගෙන තිබේ. 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්