පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් සඳහා ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය දීමට හැකිවන අයුරින් නිවාඩු ලබා දෙන ලෙස සේවා යෝජකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව සේවා නියුක්තිකයන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළයුතු බව නිවේදනයේ සඳහන් වේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම – 2018 – නිවාඩු ලබා දීම by Anonymous 4xL1hr21yl on Scribd










