පීසීආර් හතෙන් එකක් පොසිටිව් කොවිඩ් ඉතා අවධානම් තැනක

පීසීආර් හතෙන් එකක් පොසිටිව් කොවිඩ් ඉතා අවධානම් තැනක

කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවටත් වඩා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ උප සභාපති නවීන් ද සොයිසා මහතා සඳහන් කර සිටියේ ජනගහනයට සාපේක්ෂව වාර්තාවන ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. අද වන විට ඉන්දියාවේ රෝගීන් වාර්තා වීම මිලියනයකට 80ක් වනවිට ශ්‍රී ලංකාවේ මිලියනයකට 136ක් වාර්තා වෙන බැවින් එය ඉන්දියාවේ මෙන් එකහමාර ගුණයක් ව ඇතැයි පවසයි.

එසේම පසුගිය දිනවලදී සිදු කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණ දත්ත සලකා බැලීමේදී මෙම තත්වයෙහි ඇති බරපතළකම තේරුම් ගත හැකිවේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන අනුව ජුනි 10 ආසාදිතයින් වාර්තා වී ඇත්තේ 2715 කි. එදින සිදුකරන ලද පී.සී.ආර්. එකතුව 19828 කි. ඒ අනුව කොරෝනා රෝගීන් හමුවීමේ අගය සියයට 13.69 කි. එනම් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන සෑම පී.සී.ආර්. පරීක්ෂණ හතකින් එකක් කොවිඩ් ආසාදිතයකු බවට හෙළිවේ. කොවිඩ් දත්තවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ පාර්ශවයන්හි විරෝධය එල්ල වෙමින් තිබියදී මෙම තොරතුරු හෙළි වීමද විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්