පිළියන්දල ප්රදේශයේ නිවසක තිබී ගිනි අවි ඇතුළු පුපුරන ද්රව්ය තොගයක් සොයා ගෙන තිබේ.
පිළියන්දල පන්සල පාර, හෝකන්දර උතුර ප්රදේශයේ නිවසක මෙම ගිනි අවි තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
ටී 56 උණ්ඩ 60 ක්, මිලි මීටර 9 ජීව උණ්ඩ 101ක්, දුම්ගෑස් බෝම්බයක්, බෝම්බ රඳවන 2 ක් එම නිවසේ තිබී සොයා ගත් බවත් අදාළ නිවසේ පදිංචිකරු යුද හමුදාවේ සේවය කර විශ්රාම ගිය සෙබළෙකු බවත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසිය කියා සිටියි.









