පියුමි නිසා සරත් වීරසේකර පටලවාගෙන…

පියුමි නිසා සරත් වීරසේකර පටලවාගෙන…

මේ වනවිට කොවිඩ් නිරෝධායනයේ පසුවන නීතිවිරෝධීව උපන්දින සාදයක් පැවැත්වූ පියුමි හංසමාලි ඇතුළු පිරිස සම්බන්දයෙන් මහජන ආරක්ෂාව බාර අමාත්‍යාංශයෙන් නිල ප්‍රවෘත්ති නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

එකම දින නිකුත් කර ඇති එක් ප්‍රවෘත්ති නිවේදනයක “යම් කාන්තාවක් දුරකථන ඇමතුම් ලබාදෙමින් තමා පියුමී හංසමාලි නැමැත්තිය බවත්…” යනුවෙන් සඳහන් කර තිබේ. අනෙක් මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ “මංජු ශ්‍රී නැවති නීතීඥ මහතා කතාකොට ඔහුගේ සේවාදායකයින්…” යනුවෙන්ය.

මේ අනුව එකම සිදුවීමක් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල විවිධ පරස්පර විරෝධී තත්වයන් පිළිබඳව වීඩියෝ සාක්ෂි පලවෙමින් තිබෙන අතර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය එකම දිනයේ නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදන දෙකක එකිනෙකට වෙනස් පටලවාගැනීම් සහිත තොරතුරු ඇතුළත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්