පියල් මනම්පේරි යළි රක්ෂිත බන්ධනාගාරයට

පියල් මනම්පේරි යළි රක්ෂිත බන්ධනාගාරයට

මිද්දෙනියෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පොහොට්ටු පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් මනම්පේරි ඔක්තෝබර් 22 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔහු අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් විසින් සිදු කළ අනාවරණයක් අනුව අයිස් මත්ද්‍රව්‍ය අඩංගු සුදු පැහැති ගල් සහ කුඩු විශේෂයක් සහිත කන්ටේනර් දෙකක් පසුගියදා මිද්දෙනිය ප්‍රදශෙයෙන් සොයාගත් අතර ඊට අදාළ පොහොට්ටු පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂක කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ සම්පත් මනම්පේරී ඇතුළු කිහිප දෙනෙකුම මේ වනවිට මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්