පිංතූරයේ කතාව ගැන රනිල් කට අරී…

පිංතූරයේ කතාව ගැන රනිල් කට අරී…

පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංචරණය වූ අගමැති මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ආහාර ගනිමින් කතාබහක නිරතවන ඡායාරූප සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අදහස් ප්‍රකාශකර තිබේ.

වෙබ් අඩවියක් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ එම ඡායාරූප මීට මාස එක හමාරකටත් පෙර හිතවත් ව්‍යාපාරිකයකුගේ උපන් දින සැමරුමකදී ගත් ඒවා බවයි.

මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ මෙසේය. “මේක මේ මාස එකහමාරකටත් කලින් දෙයක්. බොරු ආන්දෝලනයක් ඇති කරන්නයි මේ හදන්නේ. මෙල්වින්ගේ උපන් දිනයට මහින්දත් මමත් හැම අවුරුද්දකම සහභාගී වෙනවා. ඒක කාලෙක ඉඳන් සිද්ධ වෙන දෙයක්. ඒකෙ අමුත්තක් නෑ. එතන දේශපාලනයක් කතා වුණෙත් නෑ. රටේ ප්‍රශ්න අතරේ මේ නැති දෙයක් මවන්න හදන්නේ. ඇත්තම දේශපාලන පරිවර්තනය තව මාස කිහිපයකින් කාට කාටත් බලාගන්න පුළුවන් වෙයි” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්