රුපියල් කෝටි 125 කට ආසන්න වටිනාකමින් යුත් ‘අයිස්’ මත්ද්රව්ය කිලෝ 125 කට ආසන්න ප්රමාණයක් සමඟ සැකකරුවන් 12 දෙනකු පැය 24 ක පමණ කාලයක් තුළ සපුගස්කන්ද සහ ජාඇළ ප්රදේශවලින් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශය සමත්ව තිබේ.
සපුගස්කන්ද, රග්ගහවත්ත ප්රදේශයේදී ‘අයිස්’ මත්ද්රව්ය කිලෝ 110 කට ආසන්න ප්රමාණයක් සමඟ සැකකරුවන් පස්දෙනකුද ජාඇළ, නිවන්දම ප්රදේශයේදී ‘අයිස්’ මත්ද්රව්ය කිලෝ 15 ක් සමඟ සැකකරුවන් හය දෙනකුද මෙලෙස පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශය අත්අඩංගුවට ගෙන ඇත.










