පාසල් සිසු සිසුවියන්ට ස්වාධීන රූපවාහිනියෙන් අලුත් වැඩක් !

පාසල් සිසු සිසුවියන්ට ස්වාධීන රූපවාහිනියෙන් අලුත් වැඩක් !

මානවහිතවාදී ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම උදෙසා ‘ටෙලිවිෂන් ඉස්කෝලේ’ නමින් නවතම ව්‍යාපෘතියක් ස්වාධීන රූපවාහිනී සේවය මූලික වී දියත් කිරීමට සැලැසුම් කර තිබේ.

එහි සමාරම්භක උත්සවය ලබන 07 වැනි දින පෙරවරු 8.00ට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ දී පැවැත්වේ. ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ අයි.ටී.එන්. මාධ්‍ය ජාලය යන පාර්ශ්ව හතර ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය දියත් කර තිබේ.

එහි අරමුණ ‘ජාතික මානුෂීය අධ්‍යාපන සත්කාරය’ යනුවෙන් නම් කර තිබේ. එම මාධ්‍ය ජාලයේ සභාපති, ප්‍රියන්ත වෙදමුල්ල ඇතුළු පිරිසක් මෙම නවතම ව්‍යාපෘතිය සැලැසුම් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්