පාරිසරික යුක්ති කේන්ද්‍රයේ X-Press Pearl පෙත්සමක් විභාගයට අවසර

පාරිසරික යුක්ති කේන්ද්‍රයේ X-Press Pearl පෙත්සමක් විභාගයට අවසර

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව ශ්‍රි ලංකා මුහුදු තීරය ආසන්නයේ ගිනිබත් වීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර ලබා දී තිබේ.

විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවනු ලැබීය.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරු වශයෙන් නිතිපතිවරයා ඇතුලු පිරිසක් නම් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්