පාර්ලිමේන්තු විනය කමිටුවට චමල්, කෙහෙළිය ඇතුළු 07ක්

පාර්ලිමේන්තු විනය කමිටුවට චමල්, කෙහෙළිය ඇතුළු 07ක්

පසුගියදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ විනය විරෝධී ගැටුම සොයා බැලීම සඳහා චමල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු මන්ත්‍රීවරු හත් දෙනෙක් කතානායකවරයා විසින් පත් කර තිබේ.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ඉමිටියාස් බාකීර් මාකර් සහ එම්.ඒ සුමන්දිරන් ය.

එම ගැටුමට පෙර පැවති පාර්ලිමේන්තු සැසි වාරයේ දී විපක්ෂයේ මන්ත්‍රී සරත් ෆොන්සේකාට ගහ ගැනීමට එන ලෙස අභියෝග කළේද අමාත්‍ය චමල් රාජපක්ෂය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්