පාතාලය රකින මඩ බලකායට එරෙහිව ක්‍රියාමාර්ග

පාතාලය රකින මඩ බලකායට එරෙහිව ක්‍රියාමාර්ග

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර සම්බන්ධ කරමින් පසුගිය දිනවල මුදා හැර තිබූ අපහාසාත්මක සමාජජාලා පළ කිරීම් සම්බන්ධයෙන් පොදු සමාජයේ දැඩි විරෝධයක් පළ කෙරෙමින් තිබෙන අතර, එම අපහාසය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පොලිසියට පැමිණිලි කර තිබේ.

“රටම එකට” යනුවෙන් ක්‍රියාත්මක කර තිබෙන විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩ සටහනට එරෙහිව පොදු විපක්ෂයේ සමීපතමයන් මේ වනවිට මහා පරිමාණයෙන් ව්‍යාජ ප්‍රචාර දියත් කරමින් සිටී.

එම ප්‍රචාරවල ආසන්න ම ඉලක්කය ලෙස චමින්ද ලලිත් කුමාර මන්ත්‍රීවරයා යොදා ගෙන තිබිණි. මෙවැනි ප්‍රචාරවලට පොලිසිය ද ඉලක්ක කර ගෙන ඇති අතර, මේ වනවිට සක්‍රියව දියත් කර තිබෙන මෙහෙයුම් පිළිබඳව ජනතා විශ්වාසය අඩපණ කිරීම මගින් මත්ද්‍රව්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වන සටන විනාශ කිරීම පොදු විපක්ෂය ලෙසින් හඳුන්වා දෙන පරාජිත දේශපාලකයන්ගේ අරමුණ වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්