පාකිස්ථානු රුපියල් මිලියන පන්සියයක මූල්ය වංචාවක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් මත පාකිස්ථානයේ හිටපු අග්රාමාත්ය යූසුෆ් රාසා ගිලානි ලබන සැප්තැම්බර් 10 වනදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කරච්චි අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.
එෆ්.අයි.ඒ. හෙවත් පාකිස්ථානු ෆෙඩරල් බුද්ධි ඒජන්සිය විසින් සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව හිටපු අගමැතිවරයාට එරෙහිව මෙම චෝදනාව ගොනුකර තිඇත.
නිකුත් කර ඇති මෙම වරෙන්තුවට අනුව ඔහුට ඇප ලබාදීමට නොහැකි බවයි කරච්චි අධිකරණය නිකුත් කළ නියෝගයේ සඳහන් වේ.









