කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගම් පරිශ්රයේ පරීක්ෂණ මට්ටමින් පැවති රුපියල් දශලක්ෂ පනස් දහසක් වටිනා දැවි තෙල් තොගයක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
අතුරුදන් වී ඇති දැවි තෙල් තොගය කලවම් තෙල් බව කියමින් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් පරීක්ෂණ සඳහා රඳවාගෙන තිබියදී මෙසේ අතුරුදන් වී ඇත.
කෙසේ වෙතත් පරීක්ෂණ අවසන්වීමටත් ප්රථම තෙල් ලීටර් 13,200ක් අතුරුදන්ව ඇති අතර මේ සම්බන්ධව කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් පරීක්ෂණ අරඹා ඇත.










