පළාත් සභා මැතිවරණය කල් දමයි?

ජූලි මස මුල් සතියේ විසුරුවා සැප්තැම්බර් මුල් සතියේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා තුනක ඡන්දය කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ දිනවල ගොවි ජනතාව මුහුණ දී ඇති ජල ප්‍රශ්නයට ආණ්ඩුව පිළිතුරු සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙවැනි අවස්ථාවක මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුවට එතරම් හිතකර නොවන නිසා මෙලෙස උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා තුනෙහි මැතිවරණය කල් දැමීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරයෙන් අනතුරුව මේ පිළිබඳ අවසන් තීරණයකට පැමිණීමට ඉඩ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්