පළාත් සභා තුනක් අද විසුරුවයි

උතුරුමැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභා තුන අද (27) මධ්‍යම රාත්‍රියේදී විසුරුවා හරින බව ඉහළ පෙළේ ආරංචි මාර්ග මගින් අනාවරණය වේ.

මහ ඇමතිවරුන්ගේ උපදෙස් මත මෙම පළාත් සභා තුන ආණ්ඩුකාරවරුන් විසින් විසුරුවා හැරීමට නියමිත අතර අදාළ ගැසට් නිවේදනවලට අද අත්සන් තැබීමටද නියමිතය. මෙලෙස විසුරුවාහරිනු ලබන පළාත් සභා තුනෙහි මැතිවරණය සැප්තැම්බර් මුලදී පැවැත්වීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්