පළාත් සභා ඡන්දය නව මැතිවරණ ක්‍රමයට පැවැත්විය යුතුයි – මහින්ද සමරසිංහ

පළාත් සභා ඡන්දය නව මැතිවරණ ක්‍රමයට පැවැත්විය යුතුයි – මහින්ද සමරසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ මීළඟ පළාත් සභා මැතිවරණය සහ මහ මැතිවරණය නව මිශ්‍ර ඡන්ද ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව යැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය නව කොට්ඨාස හා සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පවත්වා ඉදිරි මැතිවරණ යළිත් පැරණි මනාප ක්‍රමයට පැවැත්වීම සුදුසු නැතැයිද ඇමතිවරයා සඳහන් කළේය.

කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (9) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්