පරණ තට්ටු මාරු ක්‍රමයට යළ ඉඩ නැහැ – ටිල්වින් සිල්වා

පරණ තට්ටු මාරු ක්‍රමයට යළ ඉඩ නැහැ – ටිල්වින් සිල්වා

අවුරුදු දෙකකට පෙර ගෝටාබය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වශයෙන් වැඩිම ජනතා ඡන්දයකින් තේරී පත්වුවත් අවුරුදු දෙකක්වත් ගතවීමට පෙර වැඩිම ජනතාවක් ඒකරාශී කරගෙන ගෙදර යවන්න ලෑස්ති බවත් පරණ තට්ටු මාරු ක්‍රමයට යළ ඉඩ නැති බවත් ජාතික ජන බලවේගයේ විරෝධතා රැලිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

තව දුරටත් එම රැලිය අමතමින් සිටින ඔහු “තැන් තැන්වල ඉන්න ජනතාව විඳින දුක් වේදනා එකට කැටි කරලා ආණ්ඩුව ගෙදර යවන්න ලෑස්තියි. බුද්ධි අංශ වාර්තාවලින් ගෝටාබය රාජපක්ෂ මහත්තයාට ඒ බව දන්වයි. ගෝටාබය රාජපක්ෂ මහත්තයා සිංහාසනයෙන් බස්සවා ගෙදර යවන්න ලෑස්ති බව ඒ වාර්තාවලින් තහවුරු කරයි. ඒ වගේම ගෝටාබය සිංහානයෙන් බස්සවා කොහේවත් නැති පුතානෝ කෙනෙක් බලයට ගේන්නෙත් නැහැ. පරණ තට්ටුමාරු ක්‍රමයට දැන් ඉඩ නැහැ.” යනුවෙන් ඔහු එම රැලියේදී පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්