චීනය තියෙන්නේ ලංකාවට කිලෝමීටර 4058 ක් දුරින්. කටුනායක ඉඳන් චීනයේ බෙයිජිං වල ඉන්ටර්නැෂනල් එයාර්පෝට් එකට Direct Flight එකක් යන්න පැය 7 ක් විතර යනවා.හැබැයි කාලෙකට පස්සේ කොළඹ ආපු කරුවලගස්වැව ගිරිගෝරිස් ආතාව ගෝල්ෆේස් එක්කගෙන ගිය එයාගේ මුනුපුරා ගෝල්ෆේස් එකේ දකුණු පැත්තට අත දික්කරල කිව්වොත් “ආතේ අර තියෙන්නේ චීනෙ කියලා?” ගිරිගෝරිස් ආතා ෂුවර් එකටම “ගෝටාභය හිනාව” දාල කියයි “අනේ පුතේ උඹ ඕක ගිහින් කියපං කොන්ඩෙ බැඳපු චීන්නුන්ට” කියලා.
කොන්ඩෙ බැඳපු චීන්නුන්ව වගේ තමුන්ව අන්දන්න බෑ කියල ගිරිගෝරිස් ආතා හිතුවට මේ රටේ පුරවැසියන්ව ගොනාට අන්දලා චීන Territory එකක් ගොල්ෆේස් එක ලඟ මුහුද ගොඩ කරල හදපු බිමේ ස්ථාපනය කරන්න වර්තමාන ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව සූදානම් වෙන බව රටම දැනගත්තේ පසුගිය අවුරුදු නිවාඩුව අස්සේ වැඩි සද්දයක් නැතිව එලියට දාපු පෝට්සිටි පනතෙන්. අවුරුදු නිවාඩුවේ වාසියත් අරං පනතට විරුද්ධව නීතිය ඉදිරියේ challenge කරන්න තියෙන චාන්ස් එක නැති කරන්න බලාගෙන පනත එලියට දැම්මත් සුපුරුදු පරිදි අනුර කුමාරලගෙ check point එක පහුකරන්න ආණ්ඩුවට බැරිව ගියා. යෝජිත පෝට්සිටි පනතින් රටේ මුලික නීතිය හෙවත් ආන්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය වෙන බවත් පොට්සිටි එක ලංකාවේ නීතියට යටත් නැති වෙනම Territory එකක් වන බවත් කිවුව අනුර කුමාර එම පෝට්සිටි පනතට විරුද්ධව අධිකරණය හමුවටත් ගියා. ඒ එළිදරව්වත් එක්කම රටට ඇත්තටම ආදරෙ කරන පාර්ශව ගණනාවක් පෙරමුණට ආවා. ගරුතර මහා සංඝරත්නය, නීතීඥවරු, සමාජ ක්රියාකාරිකයන්, දේශපාලඥයන් ඇතුලු විශාල පිරිසක් මෙම පනතින් සිදුවීමට යන හානිය ගැන පුරවැසියන් දැනුවත් කලා. එම පනතට එරෙහිව නීතිය ඉදිරියට ගියා.
මේ වන විට පෝට්සිටි පනතට විරුද්ධව අධිකරණයට පැමිණිලි 19 ඉදිරිපත් කර තියෙනවා.මේ පනත් පිළිබඳ විභාගය අද (19) ආරම්භ කිරිමට නියමිතයි.සුප්රීම්කොට් එකෙන් කරන්නේ ඉදිරිපත් කරල තියෙන පෙත්සම් අධ්යයනය කරලා මේ පනතේ යම් යම් වගන්ති වලින් ආන්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝණය වෙනවද කියල බලන එක. හැබැයි ඔබ දැනගතයුතු වැදගත් කරුණක් තමයි මේ පනත හරහා ගෝටාභය ආණ්ඩුව පුරවැසියන්ගේ Sovereignty එක සත පහකටවත් care කරලා නෑ. රටේ බිම් අඟලක් කාටවත් දෙන්නෙ නැ කියලා පපුවට අත තියලා දාපු සිංහනාද මේ පනත හරහා බලු කෙඳිරි බවට පත්වෙලා. ප්රභාකරන් මේ රටේ කැල්ලක් වෙනම රටක් හැටියට කඩා ගන්න අවුරුදු 30ක් ට්රයිකලා. යුද්දෙනුත් ට්රයි කලා.Diplomatic විදිහටත් ට්රයි කලා. මොන්ටිවිඩියෝ සම්මුතිය අනුව වෙනම Territory එකක් ලෙස පිලිගන්න අවශ්ය කරන කරුනු 4 establish කරල ඊළම ගන්නත් බැලුවා. P-tom එක හරහා රටවල් එක්ක වෙනම deal කරන system එකක් හදාගන්න බැලුවා. වෙනම මුදල් ඒකකයක් පාවිච්චියට ගත්තා. රටේ ආණ්ඩුවට වගකියන්නේ නැති ආයතන ව්යාහයක් build-up කලා. වෙනම බදු අයකලා. ප්රභාකරන්ගෙ Territory එකට යන්න වෙනම වීසා ඕනේ වුනා. ඒත් ඒ හැම දේම මේ රටට ආදරෙ කරන ඇත්ත දේශප්රේමින් ගේ අනවරත මැදිහත්විමක ප්රතිඵලයක් විදිහට පරදවන්න පුලුවන් වුනා.
ඒත් ඔබ දැනගත යුතු දේ තමයි, ප්රභාකරන් ඊළම දිනාගන්න ඩිප්ලොමැටික් විදිහට පාවිච්චි කරපු tools හැම එකක්ම ගොටාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් යොජනා කරල තියෙන පෝට්සිටි පනතේ ඇතුලත්ව තිබෙනවා. මොන්ටිවිඩියෝ convention එකට අනුව වෙනම Territory එකක් හැටියට පිලිගන්න ඕනේ කරන කරුණු 4 ම මෙම පනත මගින් සම්පූර්ණ කරල දෙනවා. ඉදිරිපත් කර ඇති පනතට අනුව පොට්සිටි එක පාලනය කරන්නේ ශ්රී ලංකා රජයේ මේ වන විට ස්ථාපිත නිළ පාලන ව්යාහයකින් නෙවෙයි. මේ Territory එකේ ගණුදෙනු කරන්නේ ශ්රී ලංකා රුපියල් වලින් නෙවෙයි. පොට්සිටි Territory එකට පුලුවන් වෙනත් රටවල් එක්ක වෙනම ගණූදෙනු කරන්න. බදු ප්රතිපත්තිය වෙනස්. ලංකාවේ ව්යාපාරිකයන්ට මේ Territory එක ඇතුලේ no room. මේ පනතට අනුව ඇත්තටම හැදෙන්නේ වෙනම රටක්. චීන ඊළමක්.
ඉතින් world trade centre එකේ ඊස්ට් ටවර් එකේ 35 වෙනි තට්ටුවේ විදුරුවෙන් පෙනෙන අලුතෙන් ගොඩකරපු වැලිපොලොව දිහා බලාගෙන හින මවන මහේන්ද්රත්, කිංග්ස්බරි එකට පිටිපස්සේ චෛත්ය පාරේ තියෙන ලයිට්හවුස් ගැලරි එකට ඇවිල්ලා පොට්සිටි entrance එකේ තියෙන චින අකුරු දිහා බලාගෙන lunch එක ගන්න පුෂ්පිකාත්, ගෝල්ෆේස් එකට ඇවිල්ල වැලි පොම්ප කරන නැව දිහා බලලා සාදුකාර දෙන කරුවලගස්වැවේ ගිරිගෝරිස් ආතත් තේරුම් ගන්න ඕනේ දේ තමයි new world order එකේ රට බෙදන්නේ තුවක්කු වලින් නෙවෙයි..පඹයන්ගෙන්.
පඹයෝ දේශප්රේමය පාවිච්චි කරන්නේ පිදුරු වලින් හදපු බොඩිය වහගන්න විතරයි.
දෙව්මිත් රාජසිංහ ලියයි.










