පටන් ගැනීමේදීම රනිල්ගේ පළුවක් ගැලවෙයි

පටන් ගැනීමේදීම රනිල්ගේ පළුවක් ගැලවෙයි

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සඳහා රනිල් වික්‍රමසිංහ පත් කර ගෙන සිටින මන්ත්‍රී කණ්ඩායමේ කොටසක් ආරම්භයේදීම ගැලවී ගොස් ඇති බව තහවුරු වේ.

එම මෙහෙයුම් කමිටුවේ පළමුවෙනි රැස්වීම පසුගිය සතියේ පවත්වන ලද අතර නිමල් ලන්සා සහ අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ පිරිස එය වර්ජනය කර තිබිණි. එම කමිටුවේ දෙවන හමුවීම පෙරේදා (21) සවස රැස්වී ඇති අතර ලන්සා පිල එය ද වර්ජනය කළ බව තහවුරු වී තිබේ.

රාජපක්ෂ පවුල සහ පොහොට්ටුව සම්බන්ධ කර ගැනීමට එරෙහිව මේ ලෙස අභ්‍යන්තර ගැටුම් නිර්මාණය වී ඇත. එහෙත්, නිමල් ලන්සා ඇතුළු පිරිස ස්වාධීනව රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කිරීමට ද සැලසුම් කර තිබේ. ලබන 08 වෙනි දින අම්බලන්තොට රැලියක් පැවැත්වීමටත්, ඉන් පසුව මොණරාගල රැලියක් පැවැත්වීමටත් එම පිල සැලසුම් කර තිබේ.

ඔවුන්ගේ එම සැලසුම් සම්බන්ධයෙන් රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේ බණ්ඩාර ඇතුළු පිරිසක් දැඩි විරෝධයක් පළ කර ඇතැයි ද “ලන්සලා සූදානම් වන්නේ අපේ පක්ෂයට වඩා ඒ ගොල්ලෝ බලවත් බව පෙන්වීමට“ යනුවෙන් ප්‍රකාශ කර ඇතැයි ද හෙළි වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්