පකිස්ථානයේ විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් එරට නව අගමැතිවරයා ලෙස තේරී පත්ව තිබේ.
වයස අවුරුදු 70ක් වන ෂෙබාස් ෂරීෆ් එරට හිටපු අගමැතිවරයෙකු වන නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරාද වේ.
පකිස්ථානයට හදිසියේ නව අග්රාමාත්යවරයෙකු තෝරා ගැනීමට සිදුවූයේ එරට පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංගකින් ඒ වනවිට අගමැති ධුරයේ සිටි ඉම්රාන් ඛාන් බලයෙන් පහ කිරීමත් සමගය.
පකිස්ථාන විපක්ෂය, ඉම්රාන් ඛාන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ජයග්රහණය කළේ ඡන්ද 174ක් ලබාගනිමිනි.
විශ්වාසභංගයකින් බලයෙන් පහ කෙරුණු පකිස්ථානයේ පළමු අග්රාමාත්යවරයා ලෙස ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක්වනු ඇත.










