ශ්රී ලංකාව හා පකිස්ථානය අතර පැවැති දෙවන එක්දින ක්රිකට් තරඟයෙන් පකිස්ථානයට ලකුණු 77ක පරාජයක් හිමිවී තිබේ.
ඊයේ (26) තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ට ලකුණු 310ක් ලබා ගැනීමට සමත් විය.
ලකුණු 310ක ඉලක්කය හාඹා යාමට පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 5ක් තුළ සියලුදෙනාම දැවී රැස්කර ගනු ලැබුවේ ලකුණු 233ක් පමණි.
එහිදී පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් හෆේස් ලකුණු 62ක් ලබාගැනීමට සමත්වූ අතර පන්දු යැවීමේදී තිසර පෙරේරා ලකුණු 19ට කඩුළු 3ක්ද, ප්රසන්න ලකුණු 36ට කඩුළු 2ක්ද, රංගන හේරත් ලකුණු 38ට කඩුළු 2ක්ද දවාගැනීමට සමත්වී තිබේ. මේ වනවිට තරඟාවලියේ 1/1ක් ලෙස දෙපිළම තරුඟ ජයග්රහණය කර තිබේ.









