පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඓතිහාසික තීරණයක් ගනිති…

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඓතිහාසික තීරණයක් ගනිති…

විනිසුරුවරු ආදායම් බදු ගෙවීම සම්බන්ධයෙන් උද්ගතව තිබූ ගැටළුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් මගින් ඉදිරිපත් කර තිබූ අතර පංච පුද්ගල විණිසුරු මඩුල්ලක් විසින් එය ඉවත දමනු ලැබීය.

ඒ අනුව මෙම තීරණය ගෙන ඇත්තේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී තිබෙන්නේ, විනිසුරුවරුන්ගේ වැටුපෙන් ආදායම් බදු ගෙවිය යුතු නැති බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා අධිකරණ නිලධාරීන් නියෝජනය කරන සංගම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරනයට ගොනු කරන ලද පෙත්සම් කිහිපයක් නිශ්ප්‍රභ කරමිනි.

ඒ අනුව, නියෝගය ලබා දෙමින් මහාධිකරණ, දිස්ත්‍රික් අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභා ආදියේ විනිසුරුවරු ආදායම් බදු ගෙවීමට බැඳී සිටින බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්