නොර්වේ බෝම්බ පිපිරීම සම්බන්ධ නඩුවිභාගය ඇරඹේ

පසුගිය වසරේ ජූලි මාසයේදී නෝර්වේහි ඔස්ලෝ අගනුවරදී සිදුකල බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩු විභාගය ඊයේ (16) ආරම්භවිය.

මෙම සමූහ ඝාතනයේ චූදිතයා වශයෙන්  හදුනාගෙන තිබෙන්නේ අන්ද්‍රෙස් බ්‍රිවික් නමැත්තෙකි.

ඔහු උග්‍ර දක්ෂිණාංෂික මතදරන්නෙකු බවද අපරාධයක් කිරීමේ අරමුණක් නොතිබූ බවට පාපෝච්ඡාරණයකර ඇත. එහෙත් මෙයට ඉහතදී නොර්වේ කම්කරු පක්ෂය සංවිධානය කර තිබූ තරුණ කදවුරකට කඩා වැදී සිදුකළ වෙඩිතැබීමකින් තරුණ තරුණියන් 69 දෙනෙකු මියගිය බව ජනමාධ්‍යමගින් අනාවරණය කර තිබේ.

නොර්වේ හි බලපැවැත්වෙන නීතියට අනුව මොහු වැරදිකරු උවහොත් උපරිම වශයෙන් ලබාදිය හැක්කේ වසර 21ක සිරදඬුවමක් බව නීතිවේදීන් පෙන්වාදී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්