පිළිකා කාරක විෂ පොල්තෙල් ඇතුළු ආහාර ද්රව්ය රටට ආනයනය කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් ශ්රී ලංකා ප්රමිති ආයතනයට මේ වනවිට චෝදනා පිට චෝදනා එල්ලවෙමින් තිබේ. ශ්රී ලංකා ප්රමිති ආයතනයට මෙතරම් බරපතළ චෝදනා එල්ල වෙන්නට පටන් ගත්තේ එහි සභාපති ධූරයට සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා පත්වීමෙන් පසුවය.
එල්ල වන සියලු චෝදනා ප්රමිති ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මත පටවා සභාපති නුෂාඩ් පෙරේරා ගලවා ගැනීමේ මෙහෙයුමක් මේ වනවිට දියත් වෙමින් ඇති බව ප්රමිති ආයතනයේ සේවකයින් කියා සිටී.
ගැසට් වෙනස් කිරීම මගින් සීනි ආනයනය කරන එක් ව්යාපාරිකයෙකුට අධික ලාභයක් අත්පත් කර ගැනීමට සහ එම සීනි වැඩි මිලට සතොස ආයතනයට මිලදී ගැනීමට චෝදනා ලැබ සිටින එවකට සභාපති නුෂාඩ් කිසිදු පරීක්ෂණයකින් හෝ දඬුවමකින් තොරව ප්රමිති අයතනය සභාපති කිරීමට ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා පියවර ගත්තේය. කලින් වෙළඳ අමාත්යාංශය යටතේ පැවති ප්රමිති ආයතනය අවසාන කැබිනට් සංශෝධනයේදී ජනාධිපතිවරයා යටතේ ඇති තාක්ෂණ අමාත්යංශයට පවරා ගන්නා ලදී.










