නුවරඑළිය දිස්ත්‍රික්කයට හෙට (30)ත් ඇඳිරි නීතිය

නුවරඑළිය දිස්ත්‍රික්කයට හෙට (30)ත් ඇඳිරි නීතිය

හෙට (30) සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ අනෙකුත් සියලු ගමනාගමන කටයුතු හෙට දිනයේදී තහනම් වේ.

ඊයේ (28) නිවේදනය කළ පරිදි මැයි 31 දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා දවස පුරා ඇඳිරි නීතිය පැනවෙන බැවින් 30 සහ 31 යන දින දෙකේදීම නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්