ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට ආනයනය කළ කාබනික පොහොර අඩංගු අඩි 40 ප්රමාණයේ බහලුම් තුනක් ශ්රී ලංකා රේගුව රඳවාගෙන ඇති බව ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මදුරේහි ලියාපදිංචි නොකළ සමාගමකින් ආනයනය කර ඇති මෙම බහලුම් තුන ප්රශ්න සහගත බවත් ආනයන කරන අවස්ථාවේදී බාරදී ඇති ලිපි ලේඛණවල සඳහන් ආනයනකරුගේ ලිපිනයද සැක සහිත බවත් වාර්තා වේ.
මෙම බහලුම් තුනේ පොහොර කිලෝ 77,881කට අධික ප්රමාණයක් කොළඹ 12 ප්රදේශයේ සමාගමකින් ආනයනය කර ඇති බවත් එම බහලුම් ඔරුගොඩවත්ත ග්රේලයින් බහලුම් පර්යන්ථයේ ගබඩා කර ඇති බවත් වාර්තා වේ.
මෙම කාබනික පොහොර තොගය ආනයන කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිඳු බලපත්රයක් ඉදිරිපත් කර නොමැති බවත් ශාඛ නිරෝධායන නීතියට අනුව මෙම පොහොර තොගයෙන් සාම්පල් ලබාගෙන පරීක්ෂා කර නොමැති බවත් පැවසේ.
ශ්රී ලංකාවට ක්ෂුද්ර ජීවින් සහ විවිධ දිලීර වර්ග ඇතුල්වීම වැලැක්වීම සඳහා 1999 ශාඛ ආරක්ෂණ පනත යටතේ කාබනික පොහොර ආනයනය තහනම් කර තිබේ.
කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා සඳහන් කර සිටියේ කාබනික පොහොර මෙරටට ආනයනය කිරීමේදී ක්ෂුද්ර ජීවින් සහ විවිධ දිලීර වර්ග අඩංගු නොවන ආකාරයට කාබනික පොහොර ජීවානුහරණය කරන බවයි.










