නීතිපති පත්නොකිරීම හොරු රැකිමේ උත්සාහයක්ද?

court-lankatruth.jpg - 18.36 Kbහිටපු නීතිපති යුවන්ජන් විජේතිලක මහතා එම ධූරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව වැඩබලන නීතිපති ලෙස පත්කරනු ලැබූ අතිරේක සොලිසිට ජෙනරාල්  සුහද ගම්ලත් මහතා පත් කළ නිල කාලය පසුගිය 24 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් සමග මේ වනවිට නීති ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ.

වැඩබලන නීතිපති තනතුරට සුහද ගම්ලත් මහතා පත්කරනු ලැබ ඇත්තේ දින 14කට පමණක් වීම නීති ක්ෂේත්‍රය අර්බුදයට ලක්වීමට බලපා තිබේ. විශේෂයෙන්ම රාජපක්ෂ පාලන සමයේ සිදුකරනු ලැබූ වංචා හා දූෂණයන් සම්බන්ධයෙන් FCIDය විමර්ශන අවසන් කොට අධිකරණ ක්‍රියාමාර්යන්ට යොමු වීම සඳහා ෆයිල් තිහකට අධික ප්‍රමාණයක් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

රටේ සිදුවූ ආන්දෝලනාත්මක වංචා දූෂණ සම්බන්ධයෙන්ද නීතිපති දෙපාර්තමේන්තුව වෙත විමර්ශන අවසන් කර යොමු කර ඇති කරුණු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම  නීතිපතිවරකු පත් නොකිරීම හරහා තවදුරටත් ප්‍රමාද වන අතර එම තත්වය තුළ රාජ්‍ය දේපල වංචා කරනු ලැබූවන් ආරක්ෂා වීම බරපතල ගැටලුවක් බව මේ වනවිට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් අතර කතාබහට ලක්වී තිබේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්