නිශාන්ත වික්‍රමසිංහ ජනාධිපති කොමිසමට

nishantha-lankatruth.jpg - 64.71 Kbශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවී ඇති බව කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සහ මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එම සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා හෙට (28) බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ බිරිඳගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ එම සමාගමේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සිදුවූ බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මෙම විමර්ශන ආරම්භ කර ඇතැයි පැවසේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හෙට දිනයේ ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.

මැතිවරණ සමයේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් දේශපාලන රැස්‌වීම්වලට සහභාගි වූ කලාකරුවන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආහාර පාන ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දුන් බවට චෝදනා එල්ල වී ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදල් අවභාවිත කළ බවටද එහි හිටපු සභාපතිවරයාට සහ තවත් නිලධාරින් කීප දෙනකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්