නිවාස සංකීර්ණයක කොරෝනා පොකුරක්…

නිවාස සංකීර්ණයක කොරෝනා පොකුරක්…

කළුතර උතුර නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් අතර කොවිඩ් පොකුරක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

මේ බව තහවුරු වුයේ එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට කළ PCR පරීක්ෂණ 120ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50කින්ය.

ඒ අනුව එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් 105 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඉන් වැඩි පිරිසක් කුඩා දරුවන් සහ තරුණ පිරිස් බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්