නිලානි රත්නායක සහ යුපුන් අබේකෝන්ට ඔලිම්පික් වරම්

නිලානි රත්නායක සහ යුපුන් අබේකෝන්ට ඔලිම්පික් වරම්

ජපානයේ ටෝකියෝහිදී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව නිලානි රත්නායක සහ යුපුන් අබේකෝන්ට හිමිව ඇති බව වාර්තා වේ.

නිලානි රත්නායක මීටර් 3000 බාධක දිවීමේ තරග ඉසව්වෙන් සහ යුපුන් අබේකෝන් මිටර් 100 ධාවන ඉසව්ව සඳහා එලෙස සුදුසුකම් ලබා තිබේ. ඔලිම්පික් තරඟාවලියට සහභාගී වීම සඳහා අවශ්‍ය පරිසාදන මට්ටම දක්වා පැමිණීමට ඉතාලියේ පැවැති තරඟාවලියකදී යුපුන් අබේකොන් සමත්ව තිබේ. එහිදී මීටර් 100 ධාවන ඉසව්ව ඔහු තත්පර 10 දශම 1 යි 6 ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් අවසන් කර තිබේ.

එසේම මීට පෙර බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නද ටෝකියෝ ඔලිම්පික් වරම් ලබා ගත්තා.

එමෙන්ම මෙවර ටෝකියා හී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රි ලංකා පිහිනුම් ශූර මැතිව් අබේසිංහද සමත් වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්