නිරෝධායන නීති අදාල නැති ජනතා රැස්වීම්…

නිරෝධායන නීති අදාල නැති ජනතා රැස්වීම්…

ජනාධිපති, අගමැති සොහොයුරු බැසිල් රාජපක්ෂ, මුදල් ඇමතිවරයා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් දිවුරුම් දීම නිමිත්තෙන් රට පුරා ස්ථාන රැසකදී විවිධ උත්සව සංවිධානය කර තිබී ඇත.

ඔවුන් විශාල වශයෙන් එම ස්ථානවලට එක්රොක්වෙමින් රතිඤ්ඤා දල්වමින්, ඔල්වරසන් දෙමින් ප්‍රීතිය සැමරා තිබේ.

වව්නියාවේ පැවති මෙම අවස්ථාවට පොදුජන පෙරමුණේ වසන්ත රාජකරුණා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාද පැමිණ සිට ඇත.

කෙසේ වෙත්ත මේ වනවිට ජනතාව වැඩියෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් නිසා කොවිඩ් – 19 පැතිර යාමේ වැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් පොලිස්පතිවරයා වෙත සිදුකර ඇති දැනුම්දීමක් පදනම් කරගනිමින් පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පදනම් කරගෙන, ජනතා ප්‍රශ්න වෙනුවෙන් හඬ නගන විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

එහෙත් බැසිල් රාජපක්ෂ ඇමතිවරයා වෙනුවෙන් පවත්වන මෙම උත්සව සහ සැමරුම්වලට ආණ්ඩුවේ නිරෝධායන නීතිය අදාල වී නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්