දැන් රටේ තැනින් තැන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ බිඳීම එළිපිටම ප්රකාශ කරන්නේය. සමහර ඇමතිවරුනට ඉවත්වන ලෙස බලපෑම් කිරීමට තරම් මහින්ද කල්ලිය බලයක් පෙන්වන්නේය. පසුගිය 24වෙනි ඉරිදා බදුල්ලේදී නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාටත් ඒ තත්ත්වයට මුහුණ දීමට සිදුවූයේය. බදුල්ල ආසනයේ පක්ෂ රැස්වීමක් පැවැත්වූයේ මැයි දිනය පිළිබඳව කරුණු සාකචඡා කිරීම ඇතුළු පක්ෂයේ ඉදිරි ක්රියාමාර්ග මගින් ශක්තිමත් කිරීම ගැන කතා කිරීමටය. ඇමති නිමල් සිරිපාල මුලසුන ගෙන රැස්වීම ඇරඹී ටික වේලාවකින් කිහිප දෙනෙකුගේ ආවේගාත්මක කතා එළියට පැමිණියේය. පස්සේ තත්වය තවත් නරක් විය. “ඔය ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න.” “ඔය ඇමති කට්ට අපිට වැඩක් නැහැ.” ආදී වශයෙන් බලපෑම් එලලවන්නට විය. මෙම තත්ත්වය නිසා රැස්වීමේ කටයුතු අතර මග නවතා දැමීමට සිදුවූයේය.









