නැවේ ගින්නෙන් වූ හානිය සම්බන්ධව වරාය වෘත්තීය සමිති ජනාධිපති කොමිෂන් සභාවක් ඉල්ලයි…

නැවේ ගින්නෙන් වූ හානිය සම්බන්ධව වරාය වෘත්තීය සමිති ජනාධිපති කොමිෂන් සභාවක් ඉල්ලයි…

පසුගියදා ගිණි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධව වගකිවයුත්තන් සොයා දඬුවම් පැමිණවීම, සිදුව ඇති හානිය පිළිබඳව විධිමත් සොයා බැලීමක් සිදු කිරීම, අගතියට පත් පාර්ශවවලට වන්දි ලබා දීම ආදී කරුණු සඳහා කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධව එම සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ සිය අත්සන සහිතව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත.

ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය තුළ කොළඹ වරායට විශාල කීර්තියක් අත්කරගෙන ඇති බවත් එය අතීතයේ සිටි විෂය පිළිබඳව අවබෝධයක් සහිත ඇමතිවරුන්, සභාපතිවරුන්, කීර්තිමත් නිළධාරීන් හා අති දක්‍ෂ සේවකයින්ගේ සාමූහික මැදිහත් වීම්වල ප්‍රතිඵල මත සිදු වූවක් බවත් නිරෝෂන් ගොරකානගේ එම ලිපිය මගින් පෙන්වා දෙයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ…

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්