නැගෙනහිර ජැටියට විදේශ ආයෝජකයෙකු කැඳවීම සම්බන්ධයෙන් තමන් සැබෑ දේශප්රේමියෙකු ලෙස සතුටුවන බව හිටපු අමාත්ය මංගල සමරවීර සඳහන් කරයි.
විදේශ ආයෝජකයින් මෙරට සංවර්ධනයට එකතු කරගැනීම රට පාවා දීමක්, රට විකිණීමක්, දේශද්රෝහී ක්රියාවක් ලෙස පසුගිය කාලය පුරාම පුන පුනා කියනලද දේශපාලන නායකයින් අද, එදා මිනිස්සුන්ව රවට්ටන්නට ඔවුන් කියූ බොරැවලින්ම බැට කමින් සිටින බවද ඔහු සඳහන් කරයි.
ඒ බොරු සහ රැවටීම පාරාවලල්ලක් වී දැන් ඔවුන් හොඳ වැඩක් කරන්න හැදුවත් ඔවුන්වම විනාශ කරන තත්වයට පත්ව ඇති බවත් ඒ බව තමන් කලින් දැනගෙන සිටියත් ඒ ගැන කලින් ප්රකාශ කළත් එය වන බව දැක දැක තමන්ට සතුටු විය නොහැකි බවත් හිටපු අමාත්යවරයා සඳහන් කරයි. අද මේ රට සංවර්ධනය කිරීම සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම අත්යාවශ්ය කරුණුක් බවද ඔහු පෙන්වා දෙයි.
අද මේ රටේ ආර්ථික මර්මස්ථානයක් වන ශ්රී ලංකා වරාය අධිකාරියටද මෙම නව ආයෝජනය තුළින් නව යුගයක් උදාවන බව තමන් විශ්වාස කරන බවද ඔහු අවධාරණය කරයි.










