කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ කොටසක් ඉන්දියාවේ අදානි සමාගමට විකිණීම සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ තීරණය පිළිබඳ ශ්රී ලංකා නිදහස් පක්ෂය ලබන සතියේ පුළුල්ව සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
මේ පිළිබඳ අවසාන තීන්දුවකට පැමිණීමට ඕනෑ තරම් කල් පවතින බව පවසන ඇමතිවරයා පවසන්නේ පසුගිය සතියේ මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් තම පක්ෂය පැවැත් වූ බවත් දෙවැනි සාකච්ඡාව ලබන සතියේ පැවැත්වීමට බලාපෙරොත්තු වන බවත්ය.
‘මෙහි අවසන් විසඳුම ගැන ශ්රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් තීන්දුවක් ගන්නට අප හදිසි වන්නේ නැහැ. මොකද මේ ගැන නිවැරදි තීන්දුවක් ගන්නට අපට ඕනෑ තරම් කල් තිබෙනවා. මහ මැතිවරණයෙන් මේ ආණ්ඩුව බලයට පත් කරන්නට කැපවී කටයුතු කළ මහා සංඝරත්නය, සිවිල් සංවිධාන ඇතුළු විද්වතුන්ගේ අදහස්වලටද අප කන්දිය යුතුයි. ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ අදහස්ද විමසා බලා වඩාත් පුළුල්ව සාකච්ඡා කර ශ්රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධනයෙන් දරන මතය අප ප්රකාශ කරන්න්ට සූදානම්.’ යැයිද ඇමැතිවරයා පවසයි.
ඊයේ (21) එම අමාත්යංශයේ පැවැති මාධය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළකර තිබේ.










