නාමලුයි ශිරන්තියි අත්අඩංගුවට ගන්න යන්නේ…

නාමල් රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය නුදුරේදීම අත්අඩංගුවට ගනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ මාධ්‍ය වෙත පවසා තිබේ.

ඒ අද පෙරවරුවේ මහනුවර දළඳා මාළිගාව වැඳ පුදා ගෙන ආශීර්වාද ලබාගැනීමට පැමිණි අවස්ථාවේදීය.

රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය සඳහා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා නාමල් රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමට ප්‍රබල සාක්කි ඇතැයි සති අන්ත පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති පළ කර තිබිණ. 

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුනේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට නොගැනීමට තමාන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්තිමය තීරනයක් ගෙන සිටින බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්