ඌව පළාත් එජාප මහඇමති අපේක්ෂක හරීන් ප්රනාන්දු මහතා හා නාමල් රාජපක්ෂ මහතා අතර රහසිගත හමුවක් පසුගිය 28 වන දින බදුල්ලේදි සිදුවූ බව සතිඅන්ත පුවත්පත් වාර්තා කරයි.
මෙම හමුව චාමික බුද්ධදාස මහතාගේ නිවසේදී පැවති බවත් එම අවස්ථාවට නාමල් රාජපක්ෂට අමතරව සී.බී. රත්නායක, උදිත් ලොකුබණ්ඩාර ඇතුලු පිරිසක් සහභාගී වී ඇති අතර හරීන් ප්රනාන්දු මහතා විනාඩි 45ක පමණ සාකච්ඡාවක් පැවති බව එම වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි. මෙම හමුවේ ඡායාරූප මාධ්ය වෙත යෑම වැළැක්වීමට කිසිවෙකුටත් ඡයාරූප ගැනීමට අවසර ලබා නොදෙන ලෙස හරීන් ප්රනාන්දු මහතා කොන්දේසියක් දමා ඇති බවද පැවසේ.
ඌව පළාත් සභා මැතිවරණය ආරම්භයේදීම පාර්ලිමේන්තු මන්ත්රී උදිත් ලොකුබණ්ඩාර මහතා මාධ්ය වෙත අදහස් දක්වා තිබුණේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී හරීන් ප්රනාන්දු මහතා ශ්රිලනිපයෙන් තරඟ වදින බවයි.












