නාමල් රාජපක්ෂට අදත් ඇප නෑ

නාමල් රාජපක්ෂට අදත් ඇප නෑ

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ලත කර තිබේ.

ඒ ඔහු අද (23) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු නමුත්, ඊට අදාළව කරුණු කීපයක් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත්, ඒ අනුව අදාළ කරුණු ලබන 30 වැනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්කරන බව මහේස්ත්‍රාත් සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්