ඉදිරියේදී සිදුකෙරෙන කැබිනට් සංශෝධනයේදී නිල් බලකායේ මන්ත්රීවරුන් රැසකට ඇමති තනතුරු පිරිනැමීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
එම සංශෝධනයේදී පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට අධිකරණ ඇමති ධූරය ලබාදීමට නියමිත බවද ආණ්ඩුවේ අභ්යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මීට අමතරව ඇමතිධූර ලැයිස්තුවේ මනුෂ නානායක්කාර, සනත් ජයසූරිය, උදිත් ලොකුබණ්ඩාර, ලක්ෂ්මන් වසන්ත යන අය සිටින අතර සරත් විජේසේකර මන්ත්රීවරයාට ලබාදීම සඳහා සිවිල් ආරක්ෂක ඇමති නමින් නව ඇමති ධූරයක් නිර්මාණය වීමට නියමිත බවද පැවැසේ.
මෙහිදී සුසිල් ප්රේමජයන්ත, මෛත්රීපාල සිරිසේන සහ මහින්දානන්ද අලුත්ගමගේ යන ඇමතිවරුන්ගේ පදවි වෙනස්වීමට නියමිත බවද වාර්තා වේ.
අගමැති තනතුර සඳහා ජී.එල්. පීරිස් ඇමතිවරයා පත්කිරීමට සූදානම් බවද එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.









