රට වෙළාගෙන තිබෙන මත්ද්රව්ය ජාවාරම මැඩ පැවැත්වීම සඳහා රටම එකට ජාතික මෙහෙයුම නව වසරේ දී තව දුරටත් දැඩිව ක්රියාත්මක කරන බව අවධාරණය කෙරේ.
මේ වෙනුවෙන් පිහිටුවා ගෙන තිබෙන “රටම එකට ජාතික මෙහෙයුම් සභාව” තුන්වෙනි වරට කැඳවූ අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක නව මෙහෙයුම් පිළිබඳව අවධාරණය කර ඇත. මෙරට සමාජය මත්ද්රව්ය ජාවාරමෙන් මුදවා ගන්නා බවට ස්ථීර අධිෂ්ඨානයෙන් කටයුතු කරන්නේ යැයි පැහැදිලි කළේය.
මේ වෙනුවෙන් පුනරුත්තාපන වැඩ සටහන්, අත්තඩංගුවට ගැනීම්, විෂ මත්ද්රව්යවලට එරෙහිව ජන මතය ගොඩ නැගීම් සහ සංවිධානාත්මක ජාවාරම් වැටලීම් ඇතුළු සමස්ත ක්රියාවලිය ම මධ්යගත කරමින් මෙම මෙහෙයුම් සභාව පිහිටුවා තිබේ. ඊයේ (06) එම සභාව රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කළ කරුණු පහත වීඩියෝවෙන් දැක්වේ.










