ශ්රී ලංකා ක්රිකට් ආයතනයට නව සභාපතිවරයෙකු පත්කිරීමේ බලය ඇත්තේ මහ සභාවකට මිස විධායක සභාවට නොවන බව තිලංග සුමතිපාල මහතා ඊයේ (29) මාධ්ය හමුවක පවත්වමින් කියා සිටියේය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයට නව සභාපතිනරයෙකු පත්කිරීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා සියල්ල ප්රතික්ෂේප වීමෙන් අනතුරුව හිටපු සභාපතිවරයාම නැවත පත් කරන ලදී. මේ පත්කිරීම සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල මහතා පවසන්නේ මෙය නීති විරෝධී හාස්යජනක කරුණක් බවයි.
‘මට නාමයෝජනා ප්රතික්ෂේප වුයේ කුමන හේතු නිසාද කියා දන්වා නැහැ. මම දැනගන්න කැමතියි මට අනුමැතිය ලැබුණේ කොහොමද කියලා. සභාපතිවරයා පත්කරන්න විධායක කමිටුවට බැහැ. මෙහෙම ගියොත් කොහේ හරි වෙන රටක කෙනෙක් ඇවිත් සභාපති වෙන්නත් පුළුවන්. අලුත් ක්රීඩා නීති නිසා නිලවරණ ව්යාකූල තත්වයට පත්වෙලා. ” යැයි සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.









