නව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ!

පසුගිය 19 වන සිකුරාදා දිනමිණ පුවත්පත සමග නිකුත් කළ රජයේ ගැසට් පත්‍රයේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වශයෙන් දැක්වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බලකායේ සේවය කරන අධිකාරීගම මුදියන්සේලාගේ විමලවංශ බණ්ඩාර නම් ලුතිනන්වරයා ජනාධිපතිවරයාගේ අණ පරිදි නාවික උප ලුතිනන් සේවයට මාරු කිරීම සම්බන්ධයෙන් වූ නිවේදනයට අත්සන් තබා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ යනුවෙන් සඳහන් කරමින්ය.

මෙය අත්සන් කර ඇත්තේ 2015 මැයි 07 වන දින වීම විශේෂත්වයකි. අදාල ගැසට් පත්‍රයේ මෙය සඳහන් වන්නේ වැරදීමකින් බව පැහැදිලි වන අතර එහෙත් රජයේ ගැසට් පත්‍රයේ පළ කරන නිවේදන ඉතා නොසැලකිල්ලෙන් සිදු කරන බව මින් පැහැදිලි වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්