නවක තැපැල් රියදුරුවරුන් 36කට පත්වීම්

නවක තැපැල් රියදුරුවරුන් 36කට පත්වීම්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්නගේ සහ තැපැල්පති රුවන් සත්කුමාරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදුකර තිබේ.

ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40ක් සම්පූර්ණ කිරීම සඳහා පසුගිය ජුනි මාසයේ නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව අයදුම්පත් 1,500කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී තිබී ඇත.

එම අයදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයකට සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට යොමු කර, ඊට අදාළ සුදුසුකම් නිසි අයුරින් සම්පූර්ණ කළ 36 දෙනෙකු සඳහා මෙම පත්වීම් ලිපි ලබාදීම සිදුකර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්