ධීවරයින් බේරාගැනීමට රාජ්‍ය තාන්ත්‍රිකව කල හැක්කක් නැත – ඇමැති රාජිත සේනාරත්න

(කප්පම් නොදුන්නොත් මරණවා – කොල්ලකරුවන්)

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගනු ලැබූ ධීවරයන් සයදෙනා සහ බහුදින ධීවර යාත්‍රාව රාජ්‍ය තාන්ත්‍රික මට්‌ටමින් බේරා ගැනීමට හැකියාවක්‌ නැති බවත්, ඒ සඳහා සෝමාලියානු රජයට ද කිසිවක්‌ කළ නොහැකි බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි .

අතරමැදියන් හරහා මොවුන් බේරා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසයි.

එසේම මෙම ධීවරයන් මුහුදු සීමා උල්ලංඝනය කොට, සෝමාලියානු මුහුදු සීමාවට ඇතුළුවීම නිසා ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වීමක්‌ සිදුව තිබෙන බව ද ඔහු කියාසිටියි.

මෙතෙක්‌ සෝමාලියානු මුහුදු කොල්කකරුවන් පැහැර ගනු ලැබුවේ නෞකා පමණක්‌ බවද, මේ වන විට බහුදින ධීවර යාත්‍රා පවා පැහැර ගැනීමට ඔවුන් පෙළඹී සිටින බව  සේනාරත්න මහතා කියයි.

ගිය වසරේ ජනවාරි මස සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගනු ලැබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක්‌ සහ ධීවරයන් හිතවත් සෝමාලියානු අතරමැදියකු හරහා බේරා ගත් බව ද මෙවරත් එම ක්‍රමයම අනුගමනය කරමින් සිටින බවද හෙතෙම පැවැසීය.

කෙසේ වෙතත් රුපියල් කෝටි හැටකට අධික කප්පම් මුදල ලබා නොදුනහොත් තමන්ගේ අත්අඩංගුවේ පසුවන ලාංකික ධීවරයන් 06 දෙනා අද (03 වැනිදා) වෙඩි තබා මරා දමන බවට සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ඊයේ (02 වැනිදා) ධීවර යාත්‍රාවේ හිමිකරුට දැනුම් දී තිබේ. මැලේසියාවේ සිට තමන් ඇමැතූ කොල්ලකරුවන්ගේ කණ්‌ඩායමක්‌ පැයකට අධික කාලයක්‌ තමන් හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් මෙම දැනුම් දීම සිදු කළ බව ධීවර යාත්‍රා හිමිකරු වන මීගමුවේ පදිංචි නිහාල් ඇන්තනි ප්‍රනාන්දු මහතා පවසයි.

තමන්ට කතා කළ පිරිස මෙහිදී අනිවාර්යෙන්ම කප්පම් මුදල ලබා දිය යුතු බවත් ඒ සඳහා අද (3දා) පෙරවරු 10.00 ට නැවත ඇමැතුමක්‌ ලබා දෙන බවත් පවසා ඇත.

ආශ්‍රිත පුවත්

”අපිට දෙන්න සල්ලි නෑ” ඥාතීන් රජයට කියයි

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්