ශ්රී ලංකාවේ විශිෂ්ඨතම චිත්රපට අධ්යක්ෂකවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්රාප්තවී ඇත.
මියයනවිට අනුනව වැනි වියේ පසු එම මහතා ලංකාවේ චිත්රපට ක්ෂේත්රයේ නොමැකෙන සළකුණකි. ශ්රී ලංකාව තුල විශිෂ්ඨ කලාත්මක සිංහල චිත්රපට සම්ප්රධායක් ගොඩනැගීමේ මූලික කර්තව්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අතින් සිදුවිය.එසේම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දේශීය චිත්රපට කලාව තුලින් ජාත්යන්තරය දිනූ අත්දැකීම් බහුල සිනමාවේදියෙකි.
රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලි යුගය, අවරගිර සහ යුගාන්තය ආදී චිත්රපට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්යක්ෂණය කළ ලාංකීය චිත්රපට වංශකතාවේ නොමැකෙන සළකුණුය.










