එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ දී දේශපාලන අලුගෝසුවන්ගේ භූමිකාවට පණ පෙවූ පොලිස් නිලධාරියෙකු සහ අනුගාමියෙකු විසින් මිනිස් ජීවිත 263ක් බිලි ගැනීම සම්බන්ධයෙන් අත්තනගල්ල අධිකරණයේ පැවති නඩු විභාගයක් පදනම් කර ගනිමින් අපූරු සිනමා කෘතියක් ගොඩ නැගී තිබේ.
“ෆාදර්” යනුවෙන් නම් කර ඇති එම සිනමා කෘතිය චමින්ද විජේසූරියගේ අධ්යක්ෂණයකි. ජනවාරි 09 වෙනි දින සිට එය තිරගත කරන අතර මේ වනවිටත් සමාජ මාධ්ය ඔස්සේ පුළුල් ප්රතිචාර ලැබෙමින් පවතී. මාධ්යවේදී ගයාන් ගාල්ලගේ එම සිනමාපටය සම්බන්ධයෙන් කළ විග්රහයක් පහත වීඩියෝවෙන් දැක්වේ.










