දෙහිවල ඉන්ධන පිරවුම්හලක ගින්නක්

දෙහිවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ.

දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැවසුවේ ගින්න මේවන විට පාලනය කර තිබෙන බවය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන පුද්ගලික ඉන්ධන පිරවුම්හළක් වන මෙහි අද දහවල් ඉන්ධන බවුසරයකින් ඉන්ධන ගැනීමේදී ගබඩා ටැංකිය තුළින් ගින්න මතුවූ බවට එහි සේවකයින් සඳහන් කරයි.

ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ දෙකක් යොදවා තිබූ බව ඔවුන් සදහන් කළේය.

පොලීසිය පැවසුවේ අද පස්වරු 1.30ට පමණ ගින්න හටගත් බවය.

මෙම ගින්නෙන් මෝටර්රථයකට හානි සිදුවී ඇති අතර ඉන්ධන පිරවුම්හලේ සේවකයෙක් සුළු තුවාල ලබා ඇත.

මෙම ගින්න ඇතිවීමට හේතුව සොයා බැලීම සඳහා මේ වන විට කොළොන්නාව ලංකා තෙල් තොග ගබඩා ‍පර්යන්ත සමාගමෙන් කණ්ඩායමක් පිටත් කර යැවූ බව එහි නියෝජ්‍ය ආරක්ෂක කළමනාකාර සහ මාධ්‍ය ප්‍රකාශක නිශ්ශංක ජයවර්ධන මහතා කියා සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්