හිටපු නීතිපති දප්පු ද ලිවේරා සමයේ ඇති කර තිබූ, තොරතුරු දැනගැනීමේ පනත අනුව අදාළ තොරතුරු මාධ්ය වෙත නිකුත් කිරීමේ අරමුණෙන් ස්ථාපිත කළේ යැයි සඳහන් කළ නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර වහාම ක්රියාත්මක වන පිරිදි අහෝසි කර තිබේ.
මෙම තනතුර අහෝසි කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව ඉකුත් 31 වැනිදා නිකුත් කළ චක්රලේඛයක් මගිනි.
එහි අදාළ තනතුර පිහිටවූ 2019 හි අංක 28 චක්රලේඛය වහාම ක්රියාත්මක වන පරිදි ඉවත් කළ බවත්, නීතිපතිවරයාට සම්බන්ධීකරණ නිලධාරියෙක් නොමැති බවත් ඉකුත් 31 වැනිදා නිකුත් කළ චක්රලේඛයේ සදහන්ව ඇත.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ නීතිපතිධූර කාළය තුළ ඔහුට පැවරී තිබෙන ව්යවස්ථාපිත බලය අනුව සමබන්ධීකරණ නිලධාරි තනතුරක් ඇති කළ අතර එම ධූරයට රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පසුගිය දෙවසරකට ආසන්න කාලයක් කටයුතු කළාය.










